නිවනේ නිවීම දේශණා

Standard

CLICK 2500 වසරකට වැඩි කලක් ත ථා ගත ශ්‍රී සද්ධර්මය රැකගෙන ආරක්ශාකරදුන්නේ සිංහළ සංඝයා වහන්සේය. ඒ උත්තම ක්‍රියාවම පමණක් ඒ ස්වාමින්වහන්සේලාගේ පුජනීයත්වයට හේතු වෙයි. අපේ සංඝයාවහන්සේ අතර ධර්මය රැක ගන්නවා මිස ධර්මයෙහි හැසිරෙන්නට ඇති කැමැත්ත අඩුවෙන්නට වුයේ අපේම අවාසනාවකටය. එනමුත් හෙළ සාසන අඹරෙහි දිලුන දීප්තිමත් තාරකාවෝ බොහොමයකි. අපවත්වී වදාළ අති පුජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින්වහන්සේ මෑත අතීතයේ අපට සිටි මහාම සඟ රුවනකි. මේ අති පුජ්‍ය ස්වාමින්වහන්සේ ගෙන් ධර්මය සහ මාර්ගය  හදාළ  ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම අද ලංකාවේ බෞද්ධ ධර්මය රැකගෙන ශාසනය පෝෂණය කෙරෙත්. 1972 අවුරුද්දේ මීතිරිගල නිස්සරණ වනය සෙනසුනට ගොස් මහා ස්වාමින් වහන්සේගෙන්   ශිෂ්‍යභාවය   ලබාගත් පුජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමින්වහන්සේ එයින් එක් සංඝ රත්නයකි. ත්‍රිපිටකය ගැන ඥාණානන්ද ස්වාමින්වහන්සේගේ  දැනුම සහ අවබෝධය හොඳින් වටහාගත් ලොකු ස්වාමින්වහන්සේ විසින් කල ඉල්ලීමක් නිසා ඥාණානන්ද ස්වාමින් වහන්සේ විසින් නිර්වාණය යන මාතෘකාව යටතේ දේශනා පෙළක් 1988 අගෝස්තු 12 වැනිදා පටන් මීතිරිගල නිස්සරණ වනයෙදී සෑම දෙපොයකටම වරක් පවත්වා වදාළ සේක. 1991 ජනවාරි 30 වෙනිදා පැවැත්වූ 33 වන දේශනාවෙන් සම්පුර්නවූ මෙම දේශනා පෙළ අද දක්වාත් කිසිම භාෂාවකින්, කිසිම රටක නිර්වාණය ගැන කෙරුන සම්පුර්නම නිර්මාණය වන්නේය. පටිගත කරන ලද මෙම දේශනා 33 බාගත කරගන්නට අදාළ LINKS මෙහි දක්වා ඇත. මෙම පිටුවේ වම පැත්තේ ඇති තැඹිලි පාට තීරුවෙහි ඇති පටුනෙහි අදාළ  දේශනාව CLICK ක්ලික් කිරීමෙන් ඔබට මෙම දේශනාව අසන්නට සහ කියවන්නට පිළිවන.